Tuesday, September 25, 2001

සැමරුම් කැටිකොට

නුඹෙන් තිලිණ ලද
සැමරුම් කැටි කොට
දෑස දෑල නැගි කඳුළු වැලින්
මල් පොකුරක් ගෙන
සමුගෙන යනු මැන
ලබැඳි
එකම එක සිනාවකින්.............


නොබිදෙන මිතුදම්
සුවඳ විජිතයේ
එකාවන් ව ඉන්නට එක්වී
දෑත විදා තුරුලට කැන්දාගෙන
පිය තෙපුලින් හද
සෙනෙහස පෑ .........


නැගෙන වාරු දුන්
අත්වැල සිඳ දා
එකෙකු නැගෙන තවකෙකු පාගා
මරු වැල් පාදන
කුහක ලෝකයක
එක මව් කුස සිටි
සෙනෙහස පෑ ............

1 comment:

  1. Going down එකේ තේමා ගීතය ලෙස ලියවුනු මෙහි පටිගත කල ගීතය කා ලඟ හෝ ඇත්නම් මට දන්වන්න.

    ReplyDelete