Sunday, July 20, 2003

වසන්තය ඔබ

වසන්තය ඔබ
හේමන්තයේ සැඩ කුණාටුව හමුවේ
පලාගිය ...
රත්ලවන් - එරබදු මලින් දිසි
පිය තෙපුල් - කෝකිල හඬින් පිරි
හේමන්තයේ සැඩ කුණාටුව හමුවේ
පලාගිය ,
වසන්තය ඔබ ...
පෑල දිග අහසේ රන් පැහැ
මලානික හිරු කිරණ අතරේ
කෙවෙනි අග උණු කඳුළු රඳවා
මිලින වී ගිය ,
වසන්තය ඔබ...
උණුසුමේ දිලි තාරකාවන්
දමා තනිකර අමාවක වී
නිමල හද ගැබ අඳුරු කරවා
සෙමින් බැස ගිය ,
වසන්තය ඔබ...

3 comments:

  1. සංගීතය හා ගායනය - විශාරද සරත් පීරිස්
    රූප පෙළ - අනිල් හේරත්
    රංගනය - උපේන්ද්‍රා, චමින්ද හා සමන්ත

    ReplyDelete
  2. සංගීතය පටන් ගන්න කොටම අදුරන ගතියක් දැනුනා.බැලින්නම් " රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් " එකේ මුල් මාත්‍රා දෙක තුන මතක් උනා.
    ලස්සන සරල අර්ථවත් සිංදුවක්.
    මටත් පාර කීවේ කමියයියාම තමයි

    ReplyDelete