Wednesday, August 20, 2003

විප්ලවවාදියාගේ පෙම්වතිය

බලාගෙන ඉඳිමි
නුඹෙ දෙසුම්
පෑ ගණන්
නොතේරුණද කිසිවක්
”සහෝදරවරුණි ” කියනකොට
”අයුක්තිය ” කියනකොට
ලස්සනට උල්වෙන
නුඹේ හීනි දෙතොල්මත
තබන්නට හිතෙනව හෙමිහිට
හාද්දක් ...

2 comments:

  1. ඔබ යළිත් මෙවැනි සුන්දර සටහන් ලියනවානම් බ්ලොග් අවකාශයට ආශිර්වාදයක්. පාර කිව්වේ ඔබේ මිතුරු 'කළ්‍යාන මිත්‍ර'යන්. ඔබේ නිර්මාණ එකින් එක රසවිඳින ගමන් මෙතන එකපාරටම හිත නතරවුණා. හරිම අපූරුයි. :)

    ReplyDelete
    Replies
    1. 2023 මේ ආයිත් ඔක්කොම අහන ගමන්.. මේ කොමෙන්ට් එක අද දැක්කේ.. සතුටු හිතුනා

      Delete