Tuesday, August 20, 2002

අහස වගේ

පි : අහස වගේ
හැමදාම වෙනස් වෙන
නීල නුවන් තල,
කොහොම ගොනු කරන්නද ?
එකම කවියකට...

පි : හැන්දෑවක දිලිසෙන රතුපාටට
තවත් දිනෙක පාළුව වැහි ඇඳිරිය
වලා කෙහෙරැලේ අතරින් ඉඟිකර
නිල් පැහැයෙන් හිනැහෙයි තව දවසක...

ගැ : ඉරක් වගේ ඔබ පායා නෙත'දර
ඇයි බැස යන්නේ රිදවා රතු කොට
ආදරයෙන් පුරවන්න හෙමින් හිත
නිල් අහසක් ලෙස ඉන්නම් හැමදින....

ගැ : කුණාටුවක්වී ඔබ හමනා කොට
නාඬා ඉන්නට හැකි කොයි අහසට ?
කඳුළු වැස්සකින් නහවා මුළු ළොව
සොයමි සෙනෙහසක් ගල්කුළු දියකර.....

5 comments:

  1. අපූරුම අපූරුම කවක්

    ReplyDelete
  2. සංගීතය /ගායනය : සරත් පීරිස්

    ReplyDelete
  3. ස්තූතියි.. ඉස්සර ලියපුවා... දැන් වෙලාවක් නෑ ලියන්න.අනෙක් ගේය පදත් බලන්න...

    ReplyDelete
  4. සුමිත් කළණසිරි අයියා පාර කියල ආවෙ මම. හරිම ලස්සනයි...

    ReplyDelete