නුඹෙන් තිලිණ ලද
සැමරුම් කැටි කොට
දෑස දෑල නැගි කඳුළු වැලින්
මල් පොකුරක් ගෙන
සමුගෙන යනු මැන
ලබැඳි
එකම එක සිනාවකින්.............
නොබිදෙන මිතුදම්
සුවඳ විජිතයේ
එකාවන් ව ඉන්නට එක්වී
දෑත විදා තුරුලට කැන්දාගෙන
පිය තෙපුලින් හද
සෙනෙහස පෑ .........
නැගෙන වාරු දුන්
අත්වැල සිඳ දා
එකෙකු නැගෙන තවකෙකු පාගා
මරු වැල් පාදන
කුහක ලෝකයක
එක මව් කුස සිටි
සෙනෙහස පෑ ............
Tuesday, September 25, 2001
Subscribe to:
Post Comments (Atom)
Going down එකේ තේමා ගීතය ලෙස ලියවුනු මෙහි පටිගත කල ගීතය කා ලඟ හෝ ඇත්නම් මට දන්වන්න.
ReplyDelete