නංවමු යසිසුරිනී
සනහමු කිතුගොසිනී
නමදිමු බැති පෙමිනීපේරාදෙණි සරසවි - ජනනී
විදුධර වෙදැදුරු ශාස්ත්ර පරිණත
මෙහෙසුරු දිනිසුරු ඇදුරිඳු අභිමුව
සත්විධ ශිල්ප කලා - දිව ඔසුවෙන
සුවය සදා දෙන ඉසිවර අසපුව
හන්තාන සිහිල් කඳුලැස්සෙන් පෝෂිත
මහවැලි කුමරිය තුරුල විභූෂිත
විසල් ලතාවෙක - එක තුර සුජනිත
කුසුම් කැකුළු වෙමු අරුණට විකසිත
No comments:
Post a Comment